" මිනිස් රංචුව තම රංචුව තුල වන විවිධ සංස්කෘතික අංගයන්...... "
මේ වැකිය කියවන කොට ඔබට මොනවද හිතුනෙ...? ඒක තේරුම් කරන්න කලින් මෙන්න මේ වැකියත් කියවලා බලමු.
" මේ කාලයේ කුරුළු සමාජය සංචාරයේ යෙදෙන....."
මොකද හිතෙන්නේ? වාක්‍ය දෙක පැටලිලා වගේ කියල හිතෙනවද? ඔව්. ඇත්තටම ඒ වාක්‍ය තුල වචන නොගැලපීමත් තිබෙනවා. අපි කවදාවත් අන්‍යෙන්‍යය බැදීමක් සහිතව ජීවත්වන මිනිස් සමූහයකට රංචුව කියල කියන්නේ නෑ. ඒකට අපි භාවිතා කරන්නේ සමාජය කියන වචනයයි. ඒ වගේ කුරුල්ලෝ හෝ වෙනත් සතුන් හෝ එකට ඒකරාශී වී සිටිනවා නම් අපි ඒකට කියන්නේ නෑ සමාජය කියල. එතනදී අපි කියන්නේ රෑන, රංචුව හෝ රැල වගේ වචනයක්.
ඉතින් අපි හැමදාමත් එහෙම කියපු නිසාමද මේ වචන මාරුකරල භාවිතා කළාම නොගැලපෙනවයි කියන්නේ?
නෑ... ඒ නිසාම නොවෙයි. මේ වචනවල වෙනස්කමක් තියෙනවා.

සතුන් රංචු ලෙස සිටින්නේ ඇයි....?
වෙනත් සතුන්ගෙන් ආරක්ෂාවීමට රංචු ලෙස සිටීම වැදගත් වෙනවා. ඒ වගේම එක ප්‍රදේශයක කෑම හිග වුණාම තවත් ප්‍රදේශයකට ගමන් කරන්න වෙනවා. එතකොටත් රංචුවක් හැටියට ඉන්න එක වැදගත්. සමහර සතුන් ලිංගික සංසර්ගයේ යෙදෙන කාල වලදී රංචු ලෙස ජීවත් වෙනවා. මෙන්න මේවගේ කාරණා නිසා තමයි සතුන් රංචු හැටියට ජීවත්වෙන්නේ.
කූඩුවක් හදාගන්න ඕනවුණාම හැම කුරුල්ලම තමන්ට තනියම කූඩුවක් හදා ගන්නවා. තමන්ට කෑම ඕන වුණාම රංචුවක් හැටියට හිටියා වුවත් ගෙඩියට හොට ගහල තනියම කන්න පුළුවන්. කොටියෙක් වගේ සතෙක් ගත්තත් ඌට පුළුවන් සතෙක්ගෙ ඇගට පැනල මරාගෙන මස් කන්න. ඒකට වෙන කාගෙවත් බාහිර සහයෝගයක් අවශ්‍ය කරන්නේ නෑ.

මිනිසා බිහිවුනේ දියුණු වූ වානර විශේෂයකින් කියල අපි දන්නවා. ඉතින් ඒ විදිහට බිහිවුන මුල්ම යුගයේ මිනිසාට අභියෝග ගනනාවක් තිබුණා. එයාලා ආහාරයට ගත්තේ මුලින්ම ගස්වල ගෙඩි. එත් මිනිසා කියන්නේ අනෙක් සතුන්ට වඩා වෙනස් සතෙක්. සතුන් පුරුද්දට අනුවයි හැම දෙයක්ම කරන්නේ. කෑම වුනත් එහෙමයි. පළතුරු පුරුදුවුන සතා පළතුරු විතරමයි කන්නේ. වෙන දේවල් කන්නේ නෑ. එත් මිනිසා එහෙම වුනේ නෑ. එයා පළතුරු කන අතරේ වෙනත් දේවල් කන්න හෙව්වා. ඒ අනුව එයාලා සතුන් දඩයම් කරන්න පටන්ගත්තා. ඒත් සතුන් දඩයම් කරද්දී කොටියෙක් හරි, වෘකයෙක් හරි, නරියෙක් හරි ඒ දේ කරන විදිහට කරන්න ශක්තියක්, හැකියාවක් මිනිසාට තිබුනේ නෑ. ඉතින් ඒ අය කළේ පිරිමි සමූහයක් හැටියට සතෙක් හැම පැත්තෙන්ම වට කරලා ඌව බය කරලා ගල් මුල් වලින් ගහල සතා මරාගත් එක. මේ විදිහට සමහර සතුන් තවත් සතෙක් දඩයම් කරගැනීම කරනවා. ඒත් උන් හැමදාමත් ඒ විදිහටම කරනවා මිසක් එතනින් එහාට උපක්‍රම තේරුවේ නෑ. ඒ කියන්නේ සතුන් ඒ දේවල් කළේ පුරුද්දට. ඒත් මිනිස්සු ටික කලකින් දඩයමට උපක්‍රම හෙව්වා. ගලකින් හෝ පොල්ලකින් ගහල සතෙකුට තුවාල කරනවාට වඩා ගල හෝ පොල්ල කෙලවර තියුණු කිරීමෙන් සතෙකුට තුවාල කිරීමට පහසු බව අත්දැකීමෙන් හොයාගත්තා. ඔවුන් ඒ අනුව ගල් ආයුද, හෙල්ල වැනි දේවල් නිපදවා ගත්තා. ඒ හැම දෙයක්ම කෙනෙක් තනියම කරපු දේවල් නොවෙයි. එකිනෙකාගේ අත්දැකීම් එකතුකරගෙන කළ දේවල්.
ඒ වගේම තමයි. එදා සමාජයේ ශ්‍රම විභජනයක් තිබුණා. විශේෂයෙන්ම ගැහැනිය හා පිරිමියා අතර. පිරිමියා දඩයමේ යද්දි ගැහැණිය දරුවන් රැකබලා ගත්තා. ගෙනා ආහාර කණ්ඩායම අතර බෙදා දීමත් කලේ කාන්තාව විසිනුයි. මේ විදිහට ප්‍රාතමික සමාජය තුළත් මිනිසුන් අතර බැදීමක් තිබුණා. ඒක ඔවුන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය වුණා.
මිනිසාගේ පැවැත්ම තහවරු වුනේ ශ්‍රම විභජනයක් සහිතව සාමූහිකව ජීවත් වීම තුලයි. මිනිසා ලබපු හැම ජයග්‍රහනයකටම හේතුව සාමුහිකව ජීවත්වීමයි. එකිනෙකා අතර අන්තර් සම්බන්ධතා සමග මෙලෙස ජීවත්වන සමූහයකට කියන වචනය තමයි සමාජය කියන්නේ. ඉතින් සත්තුන්ට මෙවැනි සමාජයක් නෑ. සත්තු රංචු ගැසෙනකොට මිනිස්සු සමාජගත වෙනවා. මිනිසා කියන්නේ සමාජ සත්වයෙක් කියල දැන් ඔබට පැහැදිලියි නේද?

No comments:
Post a Comment