ශ්‍රමය කියන්නේ මොකක්ද කියලා මූලික හඳුනාගැනීමක් පසුගිය ලිපිවලින් සිදුකළා. නමුත් අපිට ප්‍රශ්නයක් ඉතිරි වුනා. ඒ සත්තු කරන වැඩ වලට ශ්‍රමය කියල කියනවද කියන එක. ශ්‍රමය ගැන අර්ථකතනය කරද්දි අපි කිව්වා "ශ්‍රමය කියන්නේ අරමුණු සහගත ක්‍රියාකාරීත්වයක් " කියල. ඉතින් අරමුණක් තියෙන්න නම් හිතන්න පුළුවන් වෙන්න ඕනා.
කඩේ යන බල්ලන්ට හිතන්න පුළුවන්ද?
ගෙදර සුරතලුන් බවට පත්වෙලා ඉන්න සතුන් කරන දේවල් දිහා බලලා සමහර මිනිස්සු ස්ථිරවම සතුන්ට හිතන්න පුළුවන් කියල කතා කරනවා. "මේකා නම් මහ පුදුමාකාර බල්ලෙක්. මූට හැම දෙයක්ම තේරෙනවා." කියල කියන්නේ එහෙම හිතලයි.
කඩේ යන බල්ලෙක් ගැන හිතන්න. එක දවසක් හෝ දෙකක් ගෙදර නෝනා කඩේ යනකොට බල්ලාගේ කටට කූඩෙ දීලා එක්කරගෙන යනවා. ඊට පස්සෙ ඕනෑම වෙලාවක කූඩය කටට දුන්නොත් බල්ලා නවතින්නේ අර කලින් ගිහින් පුරුදු කඩේමයි. හැබැයි පුරුදු කඩේ වහල තිබ්බොත් බල්ලා ආපහු එනවා. ඌ යනවද කඩේ අඩුවෙච්ච බඩු ගේන්න වෙන කඩයකට? නෑ... ඒ වගේම බල්ලට තුණ්ඩුවක් විතරක් දීල "කඩේ පලයන්" කියලා බලන්න. ඌ යන්නේ නෑ. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල ඉන්න සමහර බල්ලො අපිත් එක්ක නාන්න යනවනේ. අපි රෙදි අරගෙන පනිට්ටුවක් ගත්තාම ඌ කලින් ගිහින් පුරුදු නම් ඒ පුරුදු ළිඳට හෝ ගඟක තොටුපලට අපිට කලින් යනවා. හැබැයි අපි තොටුපල හෝ ළිඳ වෙනස් කළාම ඌට ඒක කරන්න බෑ, නැවත පුරුදු වෙනකම්.
අලි අනාථාගාරවල ඉන්න අලි, හරියටම උදේ 6ට, සවස 5ට, තමන්ට කිරි දෙන ස්ථානයට එකතු වෙනවා. කොයිතරම් කැලේ ඈතට ගිහින් හිටියත් තමන්ගේ රංචුවත් එක්ක ඇවිත් පෝලිමට කිරි බොන්න එනවා. උන් වෙලාව බලලද එන්නේ..? නෑ... උන්ගේ ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය විසින් ඒ වෙලාවට කිරි බොන්න යන්න බලකෙරෙන උත්තේජනය සැපයෙනවා. වෙලාවට හුරු වුණාම ඒ වෙලාවටම ඌත් අදාල තැනට එනවා. උත්තේජන හට ගැනීම ජීව රසායනික ක්‍රියාවලියක්. සතුන් ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කලින් කරලා පුරුදු විදිහට. මිනිස්සුන්ට වුනත් උදේ 8ට කාලා පුරුදු වුනාම හැමදාම උදේ 8ට බඩගිනි වෙනවා. උදේ 5ට නැගිටල පුරුදු අයට ඔරලෝසු සීනු නාදය අවශ්‍ය නෑ. වෙලාවට ඇහැරෙනවා. ශරීරය ඒ වෙලාවල්වලට හුරුවීමකින් තමයි එහෙම වෙන්නේ. මිනිස්සුන්ගේ තියෙන වෙනස තමයි ඒවට හිතල මතල තමන්ට අවශ්‍ය විදිහට වැඩ කිරීම. නමුත් සතුන් කරන්නේ තමන්ට පුරුදු දේ විතරයි.
සත්තු පුරුදු දේ විතරක් කරන්නේ ඇයි?
සතුන්ට පුරුදු ආකාර දෙකක් තියෙනවා. එකක් සහජ පුරුදු. ඒ අනුව තමයි තමන්ගේ කූඩුව හදන්නේ. ඒ අනුව තමයි හෝමෝන ක්‍රියාකාරීත්වයට අනුව තමන්ගේ සහකරුවා හෝ සහකාරියව සොයාගන්නේ. කැලේ ඉන්න සත්තු නම් සතුන් දඩයම් කරගන්නේ සහජ පුරුදු අනුවයි. අනෙක් පුරුදු නම් පුහුණු කළ දේවල්. මේ දේවල් බොහෝ විට මිනිසුන් ඇසුරට පත් වෙන සතුන් තුල සිදුවන්නක්.
මේ හැම දේකදීම සිදුවන්නේ සතුන්ගේ ශරීරය තුළ සිදුවන හෝමෝන හා වෙනත් රසායනික උත්තේජනයන්ට ප්‍රතිචාර දැක්වීමයි. එවැනි උත්තේජනයන් විසින් ලබා දෙන සංඥාවලට ප්‍රතික්‍රියා කිරීමයි සතුන් කරන්නේ. තිරිසන් සතුන් කියන්නේ ප්‍රධාන වශයෙන් එවැනි සංඥා තුනකට ප්‍රතික්‍රියා දක්වමින් ජීවත්වන්නන්. ඒ තමයි ආහාර සපයා ගැනීම, ප්‍රජානනය හා ආරක්ෂාව සම්බන්ධව හුරුවූ සංඥාවලට මූලික වශයෙන් ප්‍රතිචාර දැකිවීම. ඉව මඟින් සමහර දේවල් හඳුනාගන්නෙත් එවැනිම වූ සංඥාවකට ප්‍රතිචාර දැකිවීමක් හැටියටයි. ඉතින් මේ අනුව පැහැදිලියි සත්තු වැඩ කරන්නේ හිතා මතා නොවන බව.
ශ්‍රමය වගුරවන්නේ කොහොමද?
කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනයේදී එයට ශ්‍රමය වැගිරවීමේ හැකියාව විතරක් තිබුණට මදි. මෙහෙම හිතමු. ගව්මක් මහන්න අපිට ඕනා. ගවුම මහන හැටි අපි දන්නවා. හැබැයි දැනගත්තට විතරක් ක්‍රියාවට නගන්න බෑ. උදව්වට සමහර උපකරන ප්‍රමාණයක් අත්‍යාවශ්‍යයි. අපිට රෙද්ද කපන්න කතුරක් අවශ්‍යයි. ඊට පස්සෙ මහන්න ඉදිකටුවක් හෝ මැෂිමක් අවශ්‍යයි. බතක් උයන්න ගියත් උයන්න දැනගත්තට මදි. බත උයන්න ලිපක් ඕනා, වලඳක් ඕනා, හාල් හෝදන්න භාජනයක් ඕනා.
මේ විදිහට කිසියම් අමුද්‍රව්‍යයක් මත ශ්‍රමය වගුරවන්න ගියාම උදව් කරගන්න සිද්ධ වෙන උපකරණ ප්‍රමාණයක් හැම නිෂ්පාදනයකදීම තියෙනවා. අපි ඒ උපකරන වලට කියනවා ශ්‍රම මාධ්‍ය කියලා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය මත ශ්‍රමය වැගිරවීමට උපයෝගී කරගන්නා උපකරන ශ්‍රම මාධ්‍ය හැටියට හඳුන්වන්න පුළුවන්. මෙව්වට නිෂ්පාදන උපකරන කියලත් කියනවා. ප්‍රාථමික සාමූහික සමාජයේ ආරම්භයේදී නිෂ්පාදන උපකරන වුණේ දෑත්. ගහක ගෙඩියක් කඩා ගත්තෙත්, කුඩා කුඩා සතුන් මරා ගත්තෙත් දෑත් වලින්. පස්සෙ දෑත වෙනුවට දෑතේ හයියට පොල්ල භාවිතා කළා. පොල්ල හෙල්ල බවට පත්තරගත්තා. මිනිස්සු අත්දැකීම් මඟින් නිෂ්පාදන උපකරන දියුණු කර ගත්තා. සමාජය ඉස්සරහට ඇදුනේ මේ විදිහට සිදුවුණු නිෂ්පාදන උපකරන වල දියුණුවත් ඒකෙන් ඇති කළ නිෂ්පාදනයේ දියුණුවත් සමගයි.
ශ්‍රමය වැගිරවීමේ හැකියාවත්, නිෂ්පාදන උපකරනත් තිබූ පමණින් නිෂ්පාදනයක් කළ හැකිද? ශ්‍රමයේ කතාව-05න් නැවත හමුවෙමු.

No comments:
Post a Comment